Sunday, December 6, 2020

 

දූ දරුවන්ගේ අකල් වියෝවෙන් සදාකාලිකව වේදනා විදින පටාචාරා පරපුරේ මෑණිවරු හා සුද්ධෝධන පරපුරේ පියවරුන් උදෙසා ගැයෙන උලලේනියගේ ශෝකාලාපය!

පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ-

පාළුව දෙවනත් කරලා

නාඬන් උල ලේනෝ

කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා

උල ලේනෝ උල ලේනෝ

සීත සුළං හිරිකඩයි

කැලේ අපට උරුමේ

උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ

උල ලේනෝ... උල ලේනෝ...

ඉහිරුණ කිරි කොතලෙට

ඉකි බිඳලා පල නෑ

උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ

උල ලේනෝ... උල ලේනෝ...

සංසාරේ හැටි තමයි

වියෝග ඇතිවන්නේ

නිවනට ගියදා මේ හැම දුක් නැතිවන්නේ

උල ලේනෝ... උල ලේනෝ...

පදරන්බණ්ඩා සෙනෙවිරත්න

සංගීතය හා ගායනය- විශාරද ගුණදාස කපුගේ

නුවරකලාවියේ අපි, තරුණකාලේ දෙමව්පියන් සමග ගොවිතැන්බත් වැඩවලට සහභාගීවීම සාමාන්ය දෙයක්. යමක් කමක් තියෙන පවුලක්, හෝ අගහිගකමෙන් පිරුන පවුලක් යන කිසිදු බේදයක් මිට අයත් නෑ. ඉතා කුඩාකාලේ අම්මත් එක්ක හේනට කුබුරට යන්න, ටිකක ලොකු උනාම තාත්තත් එක්ක හේනේ කුබුරේ වැඩවලට උදව්වෙන්න අපිට සිද්ධවෙනවා. ඒවා ජිවිතේ අංග. මුලින් පුංචි පුංචි වැඩ කරලා ක්රමක් ක්රමයෙන් තාත්තා එක්ක වැඩකරන්න හැමෝම පුරුදු වෙනවා.

කොයි දේ කියදුන්නත් අපේ අම්මලා තාත්තල ඊට අදාල නිධාන කතාවක් කියාදෙනවා. එකපාරම යමක් ඔහේ කියා දෙන්නේ නෑ. මේ පුරුද්ධ මට හිතෙන්නේ එන්න ඇත්තේ ආගමෙන් වෙන්න ඇති. බුදුරජාණන් වහන්සේ යම්කිසි දේශනාවක් කරනකොට ඊට අදාල නිධාන කතාව දේශනාකරණ පිළිවෙලටම ආභාෂය ලබාගත් ගැමියා ක්රමය අනුගමනය කරනවා. ඉතා සුළු දෙයක් හෝ පැහැදිලිකරනකොට උපමා යොදාගන්නවා. මම මේක කරන්න ගියාම, වැල්වටාරම් නෙවෙයි අදාලදේ කියන්නකෝ කියල මට කියපු වාර අනන්තයි. ඒත් තාමත් මට පරණ පුරුද්ධ අයිකරගන්න බෑ. කාර්යාලයේත් කවුරුහරි යම් රාජකාරියක් ඇහුවත් මම ඇත්තටම ටිකක් දිගට තමයි උත්තර දෙන්නේ.

ගම්මානවල හිටපු අපිට කැලේ සතුන්ගේ හඩ, ඔවුන්ගේ දර්ශනය වගේ දේවල් සාමාන්ය සංසිද්ධි. කොයිකාලේද මතක නැහැ, ඒත් කීප වතාවක්ම උලලේනගේ හඩ ඇහුනම අපේ අම්මා වගේම තාත්තත් උලලේනගේ පැටිගිරිය කියාදුන්නා මට මතකයි. එකම කතාව නැවත නැවත අහන්න වෙනඑකත් කැමති උනත් නැතත් අපිට සිදුවෙන දෙයක්. හැබැයි ඒකත් ඕනෑතරම් පංසල්වල වල ඇහෙන බන කතා වගේ අපි අහනවා, එත් ආශාවෙන්.

අම්මා කියාදුන්න නිදාන කතාව;

එකෝමත් එක කාලෙක තදබල විදියට බීමට ඇබ්බැහි උන වගේම මස් මාංස වලට ගිජු මිනිහෙක් හිටියලු. දවසක් මේ මනුෂ්යයා පුරුදු විදියටම හොදටම වෙරිවෙලා ගෙදර ඇවිත් බත් කන්න ඉල්ලුවලු. එදා පෝය දවසක් නිසා කොහෙවත් මස් මාන්ස තිබිලා නෑ. කෑමට එළවලු විතරයි තියෙන්නේ කිව්වගමන් හොදටම කෙන්තිගිහින් තමන්ගේ බිරිදට බනින්න ගත්තලු. කොහෙන් හරි මස් ටිකක් උයන්න කිව්වලු. මස් ගන්න විදියක් නැහැ අද පෝයනෙ කිව්වම මිනිහ කිව්වලු, මම මස් ගේන්නම් උබ පහේ හදල තියපන් කියලා, ගෙදරින් එලියට ගියාලු.

එහෙම කියලා ටික වෙලාවකින් මස් ටිකක් අරන් ආවලු. ගැහැණු කෙනා පෝය දවස නිසා වැඩි කැමැත්තක් නැතුව උනත් මස්ටික ඉව්වලු. උයලා, ලුණු බලන්න හැන්දට මස්ටිකක් ගත්තම අමුතු දෙයක් දැක්කලු! පුංචි මුද්දක් දාපු ඇගිල්ලක්! අම්මට එකපාරම සැකයක් හිතිලා දුවල ගිහින් මිදුලේ සෙල්ලම් කරමින් හිටිය එකම පුංචි පුතා බැලුවාලු. පුංචි පුතා පෙන්න නෑ!

සිද්ධ උනදේ තේරුම් ගත් වහාම මහා හයියෙන් විලාප දෙනගමන් අතේ තියෙන පොල්කටු හැන්ද වගේම තව හැන්දක් අරගෙන අත් දෙකෙන් වේගයෙන් හිස් කබලේ පිටුපස්සට වෙන්න ඇනගත්තලු. ගමන්ම, "අපෝයි .......... " කියාගෙන මහා හඩින් විලාප දීගෙන කැලේට දිව්වලු. තමන්ගේම ආදරණිය පුංචි පුතා ලුණුමිරිස් පහේ හොදට යොදලා උයන්න සිදුවීම අම්මෙකුට කොහොමනම් දරාගන්නද? දිගින් දිගටම, "අපෝයි .......... " කියන විලයපයෙන් මහා කැලය දෙවනත්කර අම්මා මැරිලා වැටුනලු. අම්මා මාරි වැටුන තැනින් තමයි උලලේනි ඉපදිලා තියෙන්නේ. උලලේනි හිසේ දෙපස හැදි දෙකක් ආකාරයෙන් පිහිටලා තියෙන්නේ අර අසරණ අම්මා තමන්ගේ හිසේ ඇනගත් පොල්කටු හැදි දෙකලු.

උලලේනි ගේ විලාපය හරියට අම්මා කෙනෙක් යටිගිරියෙන්, "අපෝයි .......... " කියලා නගන විලාපයට සමානයි.

ගැමියන්ගේ විශ්වාසය, මේ මැරුණ අම්මා තමන්ගේ වියෝවූ පුතා සොයමින් කැලේ දෙවනත් කරණ බවයි.

නුවරකලාවියේ උපන් කෙනෙක් හැටියට රන්බණ්ඩා ශුරීන් 1971 කැරැල්ලෙන් වියෝවූ තම දරුවන් සොයා වැලපෙන ගැමි අම්මලා තාත්තලා දැක්කෙත් අර උලලේනි වගේ. අයත් කවදාවත් නොඑන තම පුතුන් වෙනුවෙන් සදාකාලික වේදනාවෙන් සුසුම්ලමින්, හඩමින්, හවමින් කල්ගෙවන හැටි දැකලා ඇතිවූ සංවේදී හැගීම තමයි මේ ගීතයේ ලියවිලා තියෙන්නේ.

ගැමියා සහ මේ උලලේනා, නැත්නම් උලලෙනි අතර වෙනසක් නැ, සීත සුළන් හිරිකඩ තමයි කැලේ ඉන්න කාටත් උරුම. දෙන්නගේ වෙනස, උලලේනට පිහාටු ගැමියාට පැල්පත! ඉතින්,

කොයි කාටත් නපුරු කාලෙ ආවම තනිකම් ඇතිවෙනවා, විලාප දීලා අඩන්න එපා මේ සාමාන් දේවල් වලට.

පාළුව දෙවනත් කරලා අඩන්න එපා. උබ ආදරය කරපු දරුවා උබට නැති උනා, මම කවා පොවා සුරතල් කරපු මගේ රත්තරන් දරුවෝ මට නැති උනා! අපි දෙන්නටම තියෙන්න එකම දුක, වේදනාව, අඩන්න එපා.”

කිරි කළයක් ඉහිරුනට පස්සේ ආයේ ඒක හදන්න බෑ. තමනුත් මහමෙරක් වගේ බරක් දරාගෙන, වේදනාවක් දරාගෙන අනිත් අයගේ වේදනාව තුනිකරන්න මේ අසරණ ගැමියෝ කොහොමටත් ඉදිරිපත් වෙන බව ගැමිකම හදුනන කවුරුත් දන්නවා. ඉතින් තමන්ගේ වේදනාව වගේම උලලේනගේ වේදනාව මකන්නත් එක්කලා පැල් කවියක් කියනවා.

පාළුව දෙවනත් කරලා අඩන්න එපා. උබ ආදරය කරපු දරුවා උබට නැති උනා, මම කවා පොවා සුරතල් කරපු මගේ රත්තරන් දරුවෝ මට නැති උනා! අපි දෙන්නටම තියෙන්න එකම දුක, වේදනාව, අඩන්න එපා.”

බුදු දහමට අනුව සෑම දේකම අනිත්යතාව ගැන හිතන ගැමියා හිතන්නේ වියෝගය සංසාරයේ සාමාන්ය දෙයක් විදියට. අනිච්චේ දුක්ඛේ සංසාරේ, කියලා හිත හදාගන්නවා ඇරෙන්න ගැමියාට වෙන මාවතක් නෑ. සතෙක් වෙන උලලේනිට මේ අනිත්ය ගැන අවබෝදයක් නෑ. තාමත් නැතිවූ තම දරුවා සොයාගෙන එකලෙසම විලාප දෙනවා.

ඉතින් අර ගැමියා කියනවා, සංසාරේ හැටි තමයි වියෝග ඇතිවෙන එක, ඇතිවෙන හැම දේම නැතිවෙනවා. අම්මලා තාත්තලාට දරුවන් නැතිවීමත් වගේමයි ඉතින් අඩන්න එපා. කවදාහරි නිවනට ගියාම මේ ඔක්කොම දුක් දොම්නස් නැතිවෙනවා. එක නිසා අඩන්න එපා කියලා අසරණ උලලෙනි සනසන්න මහමෙරක් බරට දුක්ගින්දරක් හිතේ දරගත්තු දූ දරු වියෝවෙන් දුක් විදින අසරණ පියා, ගැමියා උත්සහ කරනවා.

පාළුව දෙවනත් කරලා අඩන්න එපා. උබ ආදරය කරපු දරුවා උබට නැති උනා, මම කවා පොවා සුරතල් කරපු මගේ රත්තරන් දරුවෝ මට නැති උනා! අපි දෙන්නටම තියෙන්න එකම දුක, වේදනාව, අඩන්න එපා.”

 

Gunapala Ranasinghe

1971 සිද්ධිය පසුබිම් කරගෙන සෙනෙවිරත්නයන් අතින් ලියැවුණු මේ ගීතය වත්මන් රසිකයාට ඇඟට දැනෙන්න ලියන්නට ඔබට තිබෙන හැකියාවට මගේ ආචාරය. පසුබිම 71 වුවත් 89 සිද්ධි, තිස් වසර යුද්ධය මෙන්ම වත්මන් ක්රමය තුළ ඇති වී තිබෙන මේ ඛේදවාචකය කවරදාටත් පොදුයි. වියෝගය පොදු දෙයක් වුවත් මෙම වියෝගය සාමාන් වියෝගයක් ලෙස අපට හඳුන්වන්නට බෑ. මෙවැනි වියෝගයක් අපගේ හදවත සසල කරනවා. වියෝගය සාමාන් දෙයකැයි සලකා සිත් හදා ගැනීමෙන් මෙවැනි දෑ ඇතිවීමට හේතුව නැති වන්නේ නෑ. හේතුව ඉවත් විය යුතුය. මේ ගීතය අපට කියන්නේ එයයි.

 

Nimal Chandrasiri

මේ පසුබිම් කතාව මම අහලාතිබුනේ කුඩාකාලෙ. පසුබිම් කතාව නැවත මතක් කරගෙන උත්සාහ ගත්තා කැලණිය විශ්වවිද්යාලයේදී. එමෙන්ම මහින්ද කුමාර දළුපොත මහත්මයා එක්කත් කතාකලා. එතුමත් මගේ මතකයම තමයි තහවුරුකලේ.

71 සිංහල තරුණයෝ 20,000 ක් 88/89 කාලයේ 60,000 ක් පමණ වගේම තිස් වසරක යුද්ධයෙන් අතිවිශාල සිංහල හා දෙමළ තරුණයන් අකාලෙ මියයන්න බලපෑවේ කුමක් , හුදු පුද්ගලික කාරනාද? එක්කෙනෙක් දෙන්නෙක්ගේ වරදක් ? ආයෙත් මේ වගේ විනාශයන් වෙන්න පුළුවන් ඒවා නවත්වන්න පුළුවන් ජීවත්වීමේ අයිතිය හැම කෙනාටම තහවුරු කරන්න පුළුවන් , මේ කාරනා ගැන අධ්යයනය කරන්න සෑම සංවේදී පුද්ගලයෙක්ම පෙළබවීම ගීතයේ නිර්මාණ කරුවන්ගේ අදහස වෙන්න ඇත්තේ කියලයි මට හිතන්නේ

 

Bandara Wijekoon

Nimal Chandrasiri

 .71 අරගලයට තරුණයන් වැඩියෙන්ම සම්බන්ධ වුනු දිස්ත්රික්කයක් අනුරාධපුර. අම්බලන්ගොඩට පමණක් දෙවෙනි වන බවයි අසා ඇත්තේ, අනෙක් දිස්ත්රික්කය කෑගල්ල . ඔබේ විචාරය සිත් ගන්නා සුළුයි. ස්තුතියි.

Saman Kumara Gunawardhana

ගීතයයි ඒකෙ තේරුමයි ඒකෙ පසුබිමයි දැනගෙන හිටියට ඒකෙ නිධාන කථාව දැන ගත්තෙ අද. කියන්නෙ උලලේනා සම්බන්ධ වුන විදිය. ඉතාම සංවේදියි. දරුවන් අහිමිවීමේ වේදනාව මිහිපිට සියලු සත්වයන්ට පොදුයි. මේ රටේ අකාලයේ මියගිය සියලු තරුණ අරගලකරුවන්ගේ දෙමව්පියන්ට තියෙන්නෙත් එක හා සමාන දුකක් වේදනාවක්. ඒත් මට දැන් හිතෙන්නෙ දැනුම් තේරුම් තියෙන තරුණ වියේදි ආපසු නොඑන ගමන් ගිය පුතාගෙ අම්මට වැඩිය කුඩා හිරිමල්වියේදි බලහත්කාරයෙන් යුධපිටියට ඇදගෙන ගිහින් ආපසු කිසිදා ගෙදර නොපැමිණි පුතාගෙ අම්මගෙ දුක වැඩියි කියල. හරියට ඔය උලලේනියක් වුන අම්මගෙ දුක වගේ.

 

Nimal Chandrasiri

Saman Kumara Gunawardhana

 අන්න සංවේධීකම මතුවෙලා එන විදිය. මීට වඩා යහපත් මිනිසුන් හදන්න කලාව සහ සාහිත්යය බලපාන හැටි. මේ පසුබිමත් එක්ක, සංගීත සංයෝජනය, වගේම කපුගේ ගේ හැගීම බර ගැයුම නැවත අහන්න. ඔබ හිටපු මට්ටමෙන් මදක් ඔසවා තබනේ නැද්ද කියා විමසන්න